සජබයේ බොරුවක් අතේ කෝට්. සමගි ජන බලවේගයට එක්වූ මන්ත්‍රීවරයෙක් බව කියමින් සාකච්චාවකට පැමිණි මන්ත්‍රීගෙ Photos FB දාලා.

0
සමගි ජන බලවේගයට එක්වූ

මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා සමගි ජන බලවේගයට එක්වූ බවට පලවන වාර්තා අසත්‍ය බව ඔහු පවසයි.

සිය පක්ෂයේ නියොජිතයින් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ විපක්ෂයේ දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කළ බව මන්ත්‍රිවරයා කියයි.

එසේ නොමැතිව තමන් හෝ තම පක්ෂය සමගි ජන බලවේගය සමග වෙනත් කිසිදු ගනුදෙනුවක් නොමැති බවද මන්ත්‍රීවරයා පවසනවා.

පෙරවරුවේ පැවති සාකච්ඡාවේ ඡායාරූප විපක්ෂ නායකවරයාගේ නිල ෆේස්බුක් ගිණුමේ පළ කර තමන් සහ තම පක්ෂයේ නියෝජිතයන් සමග ජන බලවේගයට එක්වූවා යැයි පළවන මාධ්‍ය වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ද මන්ත්‍රිවරයා සඳහන් කළා

මාධ්‍ය වාර්තා පළවීමත් සමග තමන් විපක්ෂ නායක කාර්යාලයට කතා කර එවැනි වාර්තා පළ කළේ මන්දැයි විමසා සිටි බවත් එය නිවැරදි කරන බවට තමන්ට එහි නියොජිතයින් දැනුම් දුන් බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

කෙසේ වෙතත් මේ පිළිබඳව සත්‍යතාවය පැහැදිලි කිරීම සඳහා තමන් හෙට දිනයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බව ද අසංක නවරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.

සමගි ජන බලවේගයට එක්වූ