සජිත ජනපති අනුර අගමැති විපක්ෂයෙන් ආණ්ඩුව සමග සටනට තනි අපේක්ෂකයෙක්

0
ආණ්ඩුව සමග සටනට

ඊළඟ ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා වී මහ මැතිවරණයේදී අනුර දිසානායක මහතා අගමැති අපේක්‍ෂක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

එසේ නොවන්නේ නම් අනුර දිසානායක මහතා ජනාධිපති අපේක්ෂක වී සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂක විය යුතු බවද ඔහු පැවසීය.

එසේ නැතිව විපක්ෂයෙන් අපේක්ෂකයන් දෙතුන් දෙනෙක් ඉදිරිපත් කළහොත් එහි වාසිය ආණ්ඩුවට යනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ඒ නිසා විපක්ෂය කෑලි වලට නොබෙදා එක පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා මට්ටමේ පවතින බවද මන්ත්‍රීවරයා ජනහමුවක් අමතමින් කියා සිටියේය.