දියණියට උසුළු විසිළු කල නිසා පියා පිහියෙන් අනියි. තරුණයෙකු මරුට පියා අත් අඩංගුවට.

0
දියණියට උසුළු විසිළු

සිය දියණියට උසුළු විසිළු කිරිම සම්බන්ධයෙන් කෝප වි තරුණයෙකුගේ පපුවට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන්  සොයමින් සිටි සැකකරුවකු භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස්  පොලිසිය කියයි

සැකකරු ඝාතනය සඳහා යොදාගත් උල් පිහිය සහ එම අවස්ථාවේ හැඳ සිටි ඇඳුම් මෙන්ම ඔහුට නවාතැන් දුන් කුළුපග මිතුරා  ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියෙන් ඝාතනයට ලක්වූයේ  ග්‍රෑන්ඩ්පාස්  දෙවැනි නවගම්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි  පරමානන්දන් දිනේෂන් 21 තරුණයායි.

සැකකරු තිදරු පියකු වන අතර ඔහු දෙවැනි නවගම්පුර ප්‍රදේශයට පිටස්තරයකු වන අතර නිවසක් කුලී පදනම මත  ලබාගෙන එම ප්‍රදේශයේ  පදිංචිව සිටින බව පොලීසිය කියයි.

එම ප්‍රදේශයේ තරුණයෙකු ඔහුගේ දියණියට අනවශ්‍ය විහිළුවක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහු ගේ කන වැකිමෙන්  අනතුරුව ඔහු  එම තරුණයාට පහර දී ඇති අතර එම තරුණයා සහ ඔහුගේ මිතුරන් පිරිසක් එම නිවසට ගොස් ඉකුත් 25 වැනි දින   එම පුද්ගලයාට  පහර දී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරුව සැකකාර එම පුද්ගලයා ඔහුට අයත් ත්‍රි රෝද රථයෙන්  ඔහු පදිංචි ප්‍රදේශයෙන් පිටතට යාමේදී ඔහුට පහර දුන්  තරුණයන් පිරිස හමු වී ඇති අතර එහිදී ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සිය දියණියට උසුළු විසුළු කළ පුද්ගලයාට පිහියෙන් ඇනීම සඳහා සූදානම් වීමේ දී  එය වැළැක්වීමට එහි සිටි තරුණයකු උත්සාහ කිරීමත් සමගම ඔහුගේ පපු ප්‍රදේශය පීහි ප්‍රහාරය වැදී ඇති බව පොලිසිය කියයි.

එසැණින් එම  ස්ථානයෙන් පළා ගොස් තිබූ සැකකරු මිතුරෙකුගේ නිවසේ  සැඟ වී සිට ඇති අතර සැකකරු සොයා නිරතුරු මෙහෙයුම් සිදු කිරීමේ හේතුවෙන් ඔහු බාර වූ බව පොලිසිය කියයි.

ඝාතනයට යොදාගත් උල් පිය සහ ඝාතනය සිදු කරන අවස්ථාවේදී හැඳ සිටි ලේ තැවරුණු ඇඳුම් සැකකාර කුළුපග මිතුරාගේ නිවසේ සඟවා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ග්‍රෑන්ඩ්පාස්  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් හැරිසන් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජිවන්ත ශැල්වින් , උප පොලිස් පරීක්ෂක ප්‍රියශාන්ත යන මහත්වරු පරීක්ෂණ පවත්වති.