අයර්ලන්තයේ නිවස , මුදල් මලු , මෝල්ටාව ගැන අනුර කතා කරයි

0
අයර්ලන්තයේ නිවස

තමන්ට අයර්ලන්තයේ නිවස ක් ඇති බවටත්, මලික් සමරවික්‍රමගේ නිවසෙන් මුදල් මලු ගෙන ආ බවටත් බොටත් විවිධ කාල වකවානු තුළදී මත නිර්මාණය කරන ලද බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගය විසින් කොළඹදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමිනි.

ඔහු එහිදී මෙසේද පැවසීය.

‘ජොන්ස්ටන් ප්‍රනාන්දු එක් අවස්ථාවක මට එරෙහිව මලික් සමරවික්‍රමගේ ගෙදරින් සල්ලි මලු ගෙනා බව ප්‍රකාශ කළා. ඔහුට විරුද්ධව පමණක් නොවෙයි එය විකාශය කළ දෙරණටත් විරුද්ධව මම නඩු දැම්මා. ඊළඟට මට අයර්ලන්තයේ ගෙයක් තිබෙන බවට දිවයින පත්තරයෙන් මුල් වටයේදී මතය ගොඩනැඟුවා. ඊට විරුද්ධව පුවත්පත් මණ්ඩලයේ නඩු පැවරුවාම පළ කළ ලිපිය අසත්‍ය බව පිළිගනිමින් කනගාටුව පළ කිරීමේ ප්‍රකාශයක් දිවයින මුල් පිටුවේ දැම්මා. අපට එරෙහිව ගොඩනඟන අවලාදවලට ඔවුන්ගේ මාධ්‍ය ආයතන තුළදීම පිළිතුරු ලබාදුන්නා.

මුදල් මලු

ජනතා විමුක්ති පෙරමුණේ ගිණුම්වල රුපියල් කෝටි 800ක් තිබෙන බවත් මාධ්‍ය හිමිකරුවා රුපියල් කෝටි 800ක ණයකරුවෙක් බවත් කළ ප්‍රකාශයට පිළිතුරු දුන්නා. ඔවුන්ගේ දේශපාලනය අදූෂිත බව ඔවුන්ට කියන්න බැහැ. එක්සත් ජාතික පක්ෂය අදූෂිත බව කියන්න බැරි ඒ නායකයාම දූෂිත වී තිබෙනවා. මහින්ද රාජපක්ෂට එහෙම කියන්නත් බැහැ. ඒ නිසා ඔවුන් කියන්නේ ඔවුන් දූෂිතයන් වන අතර එන්.පී.පී. එකත් දූෂිත බවයි.

ජොන්ස්ටන්ලා, දිලිත් ජයවීරලා, දිවයින පත්තරේ තවදුරටත් මේ අවලාද ගෙනියන්න ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අලුත් අය යොදාගන්නවා. නයත් එක්ක සටනට ගැර¾ඩියා මුගටියන්ව කරේ තබාගෙන යන බව කතාවක් තිබෙනවා. මේ දවස්වල වෙලා තිබෙන්නෙත් ඒක. යුරෝපීය දූපතක් ගැන කියලා ඊළඟට මෝල්ටාව ගැන කීවා. ඊළඟට වර්ජින් දූපත් ගැන කීවා. මෙතැන තක්කඩිකමක් තිබෙන්නේ’