නාමල් විපක්ෂයට ? බැසිල් ජනපති අපේක්ෂකත්වයට ?. පොහොට්ටුව පඹ ගාලක ?

0
නාමල් විපක්ෂයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීලග ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්ෂය තුළ බෙදීමක් ඇතිවී තිබේ.

එක පාර්ශවයක් බැසිල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරමින් ඇති අතර තවත් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා යෝජනා කර ඇත.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරඟ කිරීමට තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම අකමැත්තක් දක්වා ඇති බවද වාර්තා වෙයි.

ඒ හේතුවෙන් නාමල් රාජපක්ෂ මහතා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කළ යුතු බව පක්ෂයේ පිරිසක් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් තම අදහස පළ කර නැති අතර ඔහු වැඩිපුර කැමැත්තක් දක්වන්නෙ විපක්ෂයට ගොස් එහි කාර්යභාරය කාර්යය සිදු කිරීමට බවද දැනගන්නට ඇත.

නාමල් විපක්ෂයට ?

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයට ගොස් කණ්ඩායමක් සමග විපක්ෂයට යන බවට දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත.

ඔහු විපක්ෂයට ගොස් විපක්ෂ නායක ධුරය ලබා ගනු ඇතිද ඇති බවද එමගින් කියවේ.

කෙසේ වෙතත් පසුගිය සතියේ මාධ්‍යවේදීන් සමඟ පැවති සාකච්ඡාවක දී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙම වාර්තා අසත්‍ය බවයි.

නමුත් ඉදිරියේදී ගත යුතු දේශපාලන තීන්දු තීරණ අවශ්‍ය පරිදි ගැලපෙන ලෙස ලබා ගැනීමට පසුබට නොවන බවද ඔහු සඳහන් කළේය.

දැනට ආණ්ඩුවට සහයෝගය දෙමින් සිටින බවත් දේශපාලනයේ ඉදිරියට අවස්ථානුකූලව කටයුතු කිරීමට තීරණය කර ඇති බවත් හෙතෙම කියා සිටියේය