IMF ණය වැඩසටහනේ කොන්දේසි හතක් මෙතෙක් ඉටු කර නෑ

0
ණය වැඩසටහනේ

ශ්‍රී ලංකා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ කොන්දේසිය අනුව ජූලි මාසය අවසන් වනවිට ඉටුකළ යුතු කාර්යයන්ගෙන් හතක් මෙතෙක් ඉටු කර නැති බව වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කරයි.

ලංකා රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යැවූ අභිප්‍රාය ලිපිය අනුව ණය වැඩසටහනේ කැපවීම් අනුව ඉකුත් ජූලි මාසයේ දත්ත මත ආයතනය මේ බව සඳහන් කරයි.

කාලසීමාවට අනුව සැලකිය යුතු ප්‍රමාණයක් සහිතව ශ්‍රී ලංකාව ඉදිරියට යමින් පවතින බවද එම ආයතනය අවධාරණය කරයි.

මුල්‍ය අරමුදල වැඩසටහන පිළිබඳව පළමු සමාලෝචනය කර අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාදීමට නියමිතව ඇත්තේ එලැබෙන සැප්තැම්බර් මස අග දී ය.

ඒ අනුව එම කාලය ශ්‍රී ලංකාව කැපවීම 71ක් ඉටුකල යුතුව තිබේ.