අධ්‍යාපන චාරිකාවක සිසුන් පිරිසක් අනතුරක

0
අධ්‍යාපන චාරිකාවක

අධ්‍යාපන චාරිකාවක ගිය දහම් පාසල් සිසුන් පිරිසක් රැගත් බස් රථයක සිටි සිසුවෙක් ජනේලයෙන් එළියට හිස දැමීමේ දී අනතුරක් සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (20) සවස් කාලයේ දී එම අනතුර සිදුව ඇත්තේ හබරාදූව පොලිස් වසමේ රූමස්සල කන්ද දෙසට යන අතුරු මාර්ගයක දී බවය.

බස් රථයේ පිටුපස අසුනේ ගමන් කර ඇති සිසුවා ජනේලයෙන් හිස පිටුපසට දැමීමේ දී විදුලි රැහැන් කණුවක ගැටී අනතුර සිදුව ඇත.

එහිදි තුවාල ලැබු සිසුවා කඩිනමින් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 16ක් වු උඩුබද්දාව, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.

අනතුර සම්බන්ධයෙන් හබරාදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.