මහේන්ද්‍ර සිං ධෝනි චිත්‍රපට රංගනයට

0
මහේන්ද්‍ර සිං ධෝනි චිත්‍රපට රංගනයට

ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං ධෝනි චිත්‍රපට රංගනයට එක්වන බවට වූ පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දියාව තුළ වේගයෙන් පැතිර යමින් පවතී.

එම වාර්තා සඳහන් කර ඇත්තේ දකුණු ඉන්දීය සුපිරි නළු විජෙයි සමග චිත්‍රපටයකට රංගනයෙන් එක්වනු ඇති බවය.

කෙසේ වෙතත් එවැනි නිර්මාණයක් පිළිබඳව කිසිදු නිල ප්‍රකාශයක් මේ දක්වා නිකුත් නොවීම ද විශේෂත්වයකි.

දකුණු ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සුවිශේෂී චිත්‍රපටය එළඹෙන වසරේදී නිකුත්වනු ඇති බවය.

එය දකුණු ඉන්දීය සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුවන වෙන්ක්ට් ප්‍රභූ විසින් අධ්‍යක්ෂණය කරනු ඇති බවද එම වාර්තා සඳහන් කරයි.

මේ අතර මේ වනවිට මහේන්ද්‍ර සිං ධෝනි විසින් Dhoni Entertainment නම් නිෂ්පාදන ආයතනයක් ද ආරම්භ කර තිබේ.

මෙලෙස බිහිවන චිත්‍රපටය දකුණු ඉන්දීය සුපිරි නළු විජෙයිගේ 68 වන චිත්‍රපටය වන බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ධෝනි එහි ආරාධිත රංගනයක යෙදෙන බවය.

එහෙත් ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ එම චිත්‍රපටයේ ධෝනි දුෂ්ඨයාගේ චරිතය රඟදක්වනු ඇති බවය.