විශේෂඥ වෛද්‍යවරැන්ගේ හිගය පියවීමට විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය

0
විශේෂඥ වෛද්‍යවරැන්ගේ හිගය

රෝහල්වල පවතින විශේෂඥ වෛද්‍යවරැන්ගේ හිගය පියවීම සදහා සියලු පහසුකම් ලබා දී හෝ විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීමට සූදානම් බව සෙඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

නියෝජ්‍ය සෙඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී විජේසූරිය නෙත් නිවුස් වෙත කියා සිටියේ කෙටි කාලීන ක්‍රම 03ක් යටතේ ක්ෂණික පියවරක්  ලෙස මෙම තීරණය ගත් බවයි.

මේ අතර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සිටි හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා විශ්‍රාම යාම හේතුවෙන් සිදුව ඇති තත්ත්වය පිළිබද නියෝජ්‍ය සෙඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී විජේසූරිය අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උදේෂ් රංග නෙත් නිවුස් වෙත පැවසුවේ වැඩ බලන විශේෂඥ වෛද්‍යවරියක් අනියුක්ත කර ඇතත් ඇය සායනික කටයුතු පමණක් සිදුකරන බැවින් සැත්කම් සිදුකිරීමට නොහැකි වී ඇති බවයි.