මෙල්බන් හි ශ්‍රී ලාංකික බෞද්ධ විහාරයකදී බාල වයස්කාර ළමුන් 03 දෙනෙකුට ලිංගික අතවර සිදුකල බව කියන සිදුවීම් සම්බන්ධයෙන් එහි විහාරාධිපති හිමියන් වන නාඔටුන්නේ විජිත හිමි හට චෝදනා ගොණු කර තිබෙනවා.
68 හැවිරිදි උන්වහන්සේ අද(18) මෙල්බන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි බවට වාර්තා වනවා.
1996 ත් 2004 ත් අතර සිදුවු බව කියන මෙම සිදුවීම්වලට අදාළව ගොණු කර ඇති චෝදනා සංඛ්‍යාව 13 ක්.
මෙල්බන් ගිණිකොණ දිග ප්‍රදේශයේ පිහිටා ඇති මෙම පන්සල මගින් දහම් පාසලක්ද පවත්වාගෙන ගොස් තිබූ බවයි පැවසෙන්නේ.
ස්ප්‍රිංග්වේල් සහ කීස්බරෝ යන ප්‍රදේශ ආශ්‍රිතව මෙම අපහරණයන් සිදුවී ඇති බවයි අද අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.
මෙම විහාරාධිපති හිමියන් ඇප මත මුදාහැර තිබෙන අතර මීළග නඩු වාරය ලබන නොවැම්බර් 10 කැඳවීමට නියමිතයි.