මවුන්ට් එළිසබෙත් රෝහලේ ශාකාවක් වරාය නගරයට එන්න හිටියට අරගලේ නිසා එන්න බෑලු

0
මවුන්ට් එළිසබෙත් රෝහලේ

කොළඹ වරාය නගරය භූමියේ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ශාකාවක් පිහිටුවීමට සැලසුම් කර තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීමට නියමිතව තිබුණේ සිංගප්පූරුවේ රෝහලටත් වඩා විශාල රෝහලක් බවද හෙතෙම පැවසීය.

එමෙන්ම ජාත්‍යන්තර මට්ටමේ විශාල විශ්ව විද්‍යාලයක් එම භූමියේ ඉදි කිරීමට එකඟතාවයකට පැමිණ සිටි බවත් හෙතෙම පැවසීය.

නමුත් ගාළු මුවදොර ආශ්‍රිතව ඇතිවූ අරගලකාරී තත්වය හේතුවෙන් එම ආයෝජකයක් පැමිණීම පස්ස ගැසුව බවද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් නැවතත් එම ආයෝජකයන් උනන්දු කරවා ගෙන වරාය නගරයට ගෙන්වා ගැනීමට උත්සාහ දරනමින් සිටින බවද ඔහු කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.