
ආන්දෝලනාත්මක ලෙස මුල්‍ය ගණුදෙනුවල නිරත වන බවට චෝදනා එල්ල වන MTFE SL ආයතනයේ ප්‍රධානීන් විදෙස් ගත වීමේ අවදානමක් ඇති බැවින් ඒ පිළිබඳව වහා පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
දැනටමත් එම ආයතනය පිළිබඳ විමර්ශනයක් සිදුකරමින් යන බවත් සඳහන් කරන මහ බැංකුව නටමත් එම ආයතන සමාගම් ප්‍රධානියාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවද සඳහන් කරයි.
දැනට හෙළි වී ඇති කරුණු අනුව ආයතනයේ කටයුතු සිදුවන්නේ පිරමීඩ යෝජනා ක්‍රමයක හැඩයක් අනුව බව මහ බැංකු විසින් රහස් පොලිසියට දැනුම් දී තිබේ.