පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල නෑ

0
සංශෝධන පනත් කෙටුම්පත

 

 

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ප්‍රාදේශිය සභා, නගර සභා හා මහ නගර සභා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් 2ක විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත්තේ.

අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණු අවස්ථාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඒ පිළිබඳ සභාවට දැනුම් දුන් අතර එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර මෙවන් සංවාදයක්ද ඇති වුණා.

විසුරුවා හැර ඇති පළාත් සභා නැවත කැඳවීමට විෂය භාර අමාත්‍යවරයාට බලය ලැබෙන අයුරින් එම පනත් කෙටුම්පත් තුන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩයි.