සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙන්න කිසිසේත්ම සුදුසු නෑ

0
සජිත් ප්‍රේමදාස

සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් දෙමළ ජනතාව තුළ කිසිදු කැමැත්තක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

ඔහු ජනාධිපති ධුරයට කිසිසේත්ම සුදුසු පුද්ගලයෙකු නොවන බවද දෙමළ ජනතා සන්ධානයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම පැවසීය.

13 වන ව්‍යවස්ථා සංශෝධය සම්බන්ධයෙන් ප්‍රේමදාස මහතා මෙතෙක් කිසිදු අදහසක් ප්‍රකාශ කර නැති බවද පැවසූ ඔහු දෙමළ ප්‍රශ්නය නොවිසඳා රට සංවර්ධනය කළ හැකි බව කිසිවෙකු ප්‍රකාශ කරන්නම් එය මිථ්‍යාවක් බවද කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස

ජනාධිපතිවරයා දහතුන්වන සංශෝධනය හා ඊට අයත් බලතල ගැන පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටින බවද කී ඔහු ම ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ දේශපාලන පක්ෂ උනන්දුවෙන් බලා සිටින බවද කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස තෙළිඟු ගම්මානයේ ජනතාවටත් පොල්ලක් තියලා

වත්මන් විපක්ෂනායක, සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටියදී, නිවාස ඉදිකර දෙන බවට ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් වව්නියාව, නොච්චිකුලම් තෙළිඟු ගම්මානයේ ජනතාව මේ වනවිට දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

නොච්චිකුලම් ගම්මානයේ, ගම්වැසියන් සඳහා නිවාස 22ක් ඉදිකිරීමට එක් නිවසකට රුපියල් ලක්ෂ 7 බැගින් ලබාදීමට හිටපු අමාත්‍යවරයා පොරොන්දුවී තිබේ. ඒ අනුව අත්තිකාරම් මුදල් වශයෙන් හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ගම්වැසියන්ට රුපියල් ලක්ෂයේ සිට, රුපියල් ලක්ෂ 3 දක්වා මුදලක් ගම්වැසියන්ට ලබාදී තිබේ.

කෙසේ වෙතත් නියමිත මුදල නිසි පරිදි නොලැබීම හේතුවෙන් වව්නියාව, නොච්චිකුලම් තෙළිඟු ගම්මානයේ ජනතාව පත්ව සිටින්නේ දැඩි අසීරුතාවයකටය. එදාවේල හරි හම්බ කර ගැනීමටවත් නොහැකි මෙම ගම්මානයේ ජනතාව ජීවත්වන්නේ අලුතින් ඉඳිකල නිවාසවල බිත්තිවලටම ආවරණයක් යොදා ගනිමින් හෝ ඒ අසළ ඉදිකළ මැටි පැල්පත්වලය. ඔවුන් ජීවත්වන භූමියට හිමිකම්පතක්වත් නැත.

සජිත් ප්‍රේමදාස

මෙම ගම්මානයේ ජනතාව චෝදනා කරන්නේ වත්මන් විපක්ෂනායකවරයා සුපුරුදු පරිදි නිවාස සිහින පෙන්වා තමන් රැවටූ බවයි.

මෙම ජනතාව අන්ත අසරණ ජන කොටසකි. එල්.ටී.ටී.ඊ සංවිධානයේ කළබල හේතුවෙන් මෙම ගම්වැසියෝ  1985 දී නොච්චිකුලම් තෙළිඟු ගම්මානය අත්හැර පිටත්වූහ. ඔවුහු නැවත නොච්චිකුලම් ගමට පැමිණියේ 2012දිය.

වව්නියාව, නොච්චිකුලම් ගම්මානයේ දයානි මහත්මිය මෙසේ පැවසීය.

අපි තවමත් ජීවත්වෙන්නේ ටකරං වහල තියෙන පැල්පත්වල. දැන් අවුරුදු ගාණක් තිස්සේ අපි බාගෙට ගෙවල් හදාගෙන ඉන්නවා. මේ රජයෙන් අපිට උදව්වක් ලැබේවි කියල බළාපොරොත්තු වෙනවා. අපි ගැන හොයන්න කවුරුවත් නැහැ. මේ රජයෙන්වත් අපිට උදව් කළොත් හොඳයි.

දැන් අපිට සාස්තර කියල හොයන මුදලින් කාලබීල ගෙවල් හදාගෙන ජීවත්වෙන්න බැහැ. ඒ නිසා ගෙවල් හදාගන්න සහනයක් දෙන්න කියල අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා. ළමයෙක්ට තනියම පාසල් යන්න බැහැ. පාසලට යන පාරේ හැතැප්ම දෙකක් විතර කැලේ. ඒ නිසා අපි ගැන හිතල අපිට උදවු කරන්න කියල ඉල්ලනවා යැයි පැවසීය.

වව්නියාව, නොච්චිකුලම් ගම්මානයේ විජේ මහතා මෙසේ පැවසීය.

සජිත් මහතා ඡන්දයට කලින් පො‍රොන්දු වුණා ගෙවල් හදාගන්න රුපියල් ලක්ෂ හතහමාරක් දෙනව කියලා. ඒ අනුව රුපියල් ලක්ෂයක මුදලක් දුන්නා. ඒ මුදලින් ගල්වඩි පහයි බැඳල තියෙන්නේ. ඉතුරු කොටස අපිට ලැබුනෙ  නැහැ. අපි දැන් ඉන්නෙ පැල්පතක. අපි අන්ත අසරණයි. මම ආබාධිතයි. රස්සාවක් කරන්න බැහැ. කාගෙන් හරි මොනව හරි ඉල්ලගෙන ඇවිල්ල කාල ජීවත් වෙනවා. මේ ගෙදර ඉතුරු ටික බැඳගන්න අපිට ආධාර කරනවනම් ලොකු දෙයක්.

වව්නියාව, නොච්චිකුලම් ගම්මානයේ තවත් වැසියකු මෙසේ පැවසීය.

තෙළිඟු ජනතාව කියන්නේ අන්ත අසරණ ජන කොටසක්.නොච්චිකුලම් ගම්මානයේ පවුල් 22ක් විතර ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්න කාලේ ගෙවල් හදාගන්න කියල සල්ලි දුන්නා. එකෙන් බිත්තිටික බැඳ ගන්න විතරයි පුළුවන් වුනේ. මේ ඉඩම්වලට බලපත්‍රයක් නැහැ . අපිට එදාවේල කන්නවත් විදියක් නෑ. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ අපිට ගෙවල් හදල දෙන්න කියලයි. නයෙක් නටවල කීයක් හරි හොයාගෙන ඇවිල්ල කාල ජීවත් වෙනවා. ළමෙයක් ඉගෙන ගන්න, කඩේකට යන්න අඩුම තරමේ කිලෝමීටර පහක්වත් දුර යන්න ඕන.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.ඒ ජානක මහතා සඳහන් කළේ වව්නියාව, නොච්චිකුලම් ගම්මානයේ තෙළිඟු ජනතාවගේ නිවාස ගැටළුව කඩිනමින් විසඳන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන් බවය.

ඒ අනුව දැනටමත් මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම ආරම්භ කර තිබෙන බවද සාමාන්‍යාධිකාරීවරයා පැවසීය. එම තොරතු ලබාගෙන අදාළ නිවාස ව්‍යාපෘතිය පිළිබඳ ඉදිරි කටයුතු ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය.