ට්විටර් ලාංඡනය වෙනස් වේ

0

ට්විටර් ලාංඡනය වෙනස්

ට්විටර් ලාංඡනය වෙනස් කිරීමට තමන් සූදානම් බව ට්විටර් හිමිකරු ඊලොන් මස්ක් පවසා තිබේ.

මේ අතර X අකුර සහිත ලාංඡනයක් ඇතුළත් කෙටි වීඩියෝවක් මස්ක් සිය ට්විටර් අවකාශයේ පළකර තිබුණි.

මීට පෙර අවස්ථාවක දී ද ට්විටර් සමාගමේ ජනප්‍රිය කුරුල්ලාගේ ලාංඡනය වෙනුවට සුනඛයෙකුගේ මුහුණක් සහිත ජනප්‍රිය මීම් ලාංඡනයක් යෙදීමට එහි හිමිකරු ඊලෝන් මස්ක් යෝජනා කර තිබුණි.

ඒ ක්‍රිප්ටෝ මුදල් හි එන ඩෝජ් කොයින් සංඛේතයට අනුව යමිනි.