ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සිසේරියන් සැත්කමකින් උපත ලබා පසුව ගම්පහ රෝහල වෙත මාරු කර ඒවා එම රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය දින 22ක් වයස පිරිමිදරුවා තමන්ගේ නොවන බව එම සිරුර ගම්පහ රෝහල් මෘත ශරීරාගාරයේ දී අද (9) පරීක්ෂාකර බැලූ අඹුසැමි යුවළක් දැනුම් දුන් බව ගම්පහ මූලස්ථාන පොලිසිය කියයි.
ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා රෝහල් මෘත ශරීරාගාරයට ඊයේ පැමිණ ළදරු මළ සිරුර පරීක්ෂාකර බලා මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වනු ලැබීය.
අඹුසැමි යුවළ මෙම ළදරු මළ සිරුර පරීක්ෂා කර බලනු ලැබුවේ මෙම අවස්ථාවේදීය.
මියගොස් සිටින්නේ තමා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී බිහි කළ දරුවා නොවන බව මව පැවසීමෙන් පසු මළ සිරුරඩී. එන්. ඒ. පරීක්ෂාවකට ලක්කර මෙම ළදරුවාගේ සැබෑ මවුපියන් කවුරුන්ද යන්න තහවුරු ගැනීමට කටයුතු කරගෙන යන බව පොලීසිය කියයි.
මෙම කාන්තාවගේ සැමියා ද සිරුර පරීක්ෂාකර බලා එය තමාගේ බිරිඳ බිහි කළ දරුවා නො වන බව පැවසීයැයි පොලිසිය සඳහන් කරයි.
සිරුර ඩී.එන්ඒ පරීක්ෂාවකට ලක් කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරයා වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝගයක් කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගෙවන වාට්ටුවකට දරු ප්‍රසූතියක් සඳහා පසුගිය මැයි මස 29 වෙනිදාඇතුලත්වී සිසේරියන් සැත්කමකින් දරුවකු බිහි කළ බවත්පොලිසිය පවසයි.