ඊශ්‍රායලයේ උත්සවයදී තෙරපීමකින් 38 ක් මරුට

0

ඊශ්‍රායලයේ පැවති ආගමික උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමකින් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තිබේ.

ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 103 කි.

බහුතරයකගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

වැඩි පිරිසක් මියගොස් ඇත්තේ, පෑගීමෙන් සහ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙනි.

කොරෝනා වසංගතයත් සමග නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හරිමින් එම උත්සවය සංවිධානය කර තිබුණි.

ගණනය කිරීම්වලට අනුව අදාළ ආගමික උත්සවයට එක් වූ පිරිස ලක්ෂයකට අධිකය.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ එම උත්සවය පැවැත්වුණේ නැත.

එය දරුණු ව්‍යසනයක් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කළේ ය.