ගයානාවේ පාසලක ගින්නකින් ළමුන් 19 දෙනෙකු මරුට

0

ගයානාවේ පාසලක ගින්න

ගයානාවේ පාසලක ගින්න කින් ළමුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගයානාවේ මහීඩා ද්වීතික පාසලේ නේවාසිකාගාරයක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.

මියගිය පිරිස අතර ගැහැණු ළමුන් 18 දෙනෙකු සිටී.

ඊයේ (22) මධ්‍යම රාත්‍රී එම ගින්න හටගෙන තිබූ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීමත් සමග ගයානාවේ ජනාධිපතිවරයා විසින් එරටට දින 03ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.