තමන් IMF එක සමඟ ගණදෙනු කරන්නේ කේසර සිංහයෙක් ලෙස යැයි සජිත් ප්‍රේමදාස කියයි

0
Sajith Premadasa - තමන් IMF එක සමඟ ගණදෙනු කරන්නේ කේසර සිංහයෙක් ලෙස යැයි සජිත් ප්‍රේමදාස කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කළ යුත්තේ දෙකට තුනට නැමී නොව කශේරුකාව ශක්තිමත් කරගෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

කේසර සිංහයෙක් ලෙසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණදෙනු කළ විට රටට වාසි ලබා ගැනීමට හැකි බව ද හෙතෙම පැවසීය.

නමුත් අද සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ දණ ගසා ඔවුන්ගේ සියළු කොන්දේසි පිළිගැනීම බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජනබලවේගයේ අගලවත්ත මතුගම ජන රැළිය අමතමිනි.

(lankacnews.com වෙබ් අඩවිය ඇසුරිනි)