පේරාදෙණිය ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබී අද පස්වරුවේ සොයාගෙන ඇති නාඳුනන මළ සිරුරේ අනන්‍යතාවය මේ වනවිට තහවුරු වී තිබේ.අදාළ මළ සිරුර මීට දින කිහිපයකට පෙර අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවාගේ බවට හඳුනාගෙන ඇත.
අදාළ සිසුවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබමින් සිට ඇත.
එම සිසුවා අතුරුදන්ව ඇති බවට පසුගිය 18 වනදා පේරාදෙණිය පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි.
මේ අතර මියගොස් ඇති සිසුවා නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී ඔහු විසින් ලියූ බවට සැක ලිපියක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබයි.























































