තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේදී සැරයන්වරයෙක් කල වෙඩි තැබීමකින් එහි සිටි පොලිස් නිලධාරින් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.
පොලිස් ස්ථානාධිපති ඇතුලු තවත් නිලධාරින් දෙදෙනෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා තිරුක්කෝවිල සහ අක්රේපත්තුව රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
අදාළ වෙඩි තැබීම ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු විසින් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
ඔහු වෙඩි තැබීම සිදුකිරීමෙන් අනතුරුව ටී 56 වර්ගයේ ගිනි අවි 02ක් සහ පතොරම් ගැබ් 19ක් සමග ඇතිමලේ පොලිස් ස්ථානය වෙත ගොස් භාරවී ඇති බවද පොලිසිය සදහන් කළා.
වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානය මගින් නිකුත් කළ නිවේදනයක් ද නිකුත් කර ඇත.





















































