ඩෙංගු උණ සහ කොරෝනා ආසාදිත විමෙන් මියගිය 16 හැවිරිදි තම දියණියගේ මියයෑම දරාගත නොහැකි පියෙකු ඊයේ (13 වැනිදා) ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි කොච්චිකඩේ පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ පළගතුරේ පදිංචි නිශාන්ත ද සිල්වා (47) හැවිරිදි අයෙකු වන අතර නිවෙසේ කිසිවෙකු නොසිටි අවස්ථාවේ නිවෙසේ බාල්කයේ එල්ලී සියදිවි නසාගෙන ඇත.
දළුවකොටුව ශාන්තා ආනා විද්‍යාලයේ ඉගෙනුම ලබා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් කර සිටි නෙල්කා සිල්වා දැරිය උණ රෝගී තත්වයක් හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ගෙන ඇත.
ඇයට ඩෙංගු රෝගය වැලඳි ඇතැයි හඳුනාගැනීමෙන් අනතුරුව මීගමුව රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ගෙන සිටියෙදී පසුගිය 10 වැනිදා මියගොස් ඇති අතර මරණයෙන් පසු සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ඇය කොවිඩ් වයිරසයද ආසාදිත වී ඇතැයි තහවුරු විය.





















































