අපි කවුද කියලා අමතක කරන්න එපා

0
Duminda Silva Statement of SLFP - අපි කවුද කියලා අමතක කරන්න එපා

මහගෙදර මතක් කරද්දී ඇතැම් අයට කේන්ති යන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අනුරාධපුර නැගෙනහිර ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලය අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඒ බව පැවසීය.

“මං පහුගිය දවස්වල මහගෙදර ගැන මතක් කළා, මං ඒ ගැන මතක් කරන කොට සමහරුන්ට තරහා යනවා. මං දැක්කා ටීවී එකේ සමහර කට්ටිය නොයෙකුත් දේවල් කියනවා. හැබැයි අපි ඒ කිසි දෙයක් ගණන් ගන්නෙත් නෑ, අපි ඒවාට උත්තර දෙන්නෙත් නෑ. මම ආණ්ඩුවේ සමාජිකයෙක් වෙන්න පුලුවන්, හැබැයි මට පක්ෂයක් තියෙනවා. ඒක අමතක කරන්න එපා. දුමින්ද දිසානායක කියන්නේ හොඳ ශ්‍රී ලංකාකාරයෙක් මිසක් වෙන පක්ෂයකට කත් අදින, වෙන පක්ෂයකට මුක්කු ගහන කෙනෙක් නෙමෙයි කියලා.”

“අනාගත ආණ්ඩුවක් හදන එක ගැන කථාබහ කරන්න, පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණයන් ජයග්‍රහණය කරන එක ගැන කථා කරන්න මට කාගෙන්වත් අවසරයක් ගන්න අවශ්‍ය නෑ.

“සමහර විට ආණ්ඩුවට පක්ෂ අයට හිතෙන්න පුලුවන් මේ ඇතුලේම ඉඳන් නේද දොස් කියන්නේ, අඩු පාඩූ කියන්නේ කියලා. හැබැයි අපි අමතක කරන්න හොඳ නෑ මේක සන්ධාන ආණ්ඩුවක්, පක්ෂ රාශියක් අත්වැල් බැඳගෙන තියෙන ආණ්ඩුවක්. එහෙම නම් අපේ වගකීම වැරදි පෙන්වන එක.”

“පුලුවන් තරම් අපි සාකච්ජා කරනවා. බැරිවෙලා හරි අහන්නේ නැති වුණොත්, අපිට සිද්ධ වෙනවා නේද මේක එළියෙත් කථා බහ කරන්න.”

“ගෝඨාභය මහත්තයා එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්වැල් බැඳගන්න කොට අනුරාධපුරයේදී අපේ ගෙදරට ඇවිත් සියලුම සංවිධායකවරු ඉදිරියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය අරගෙන අපිට ජයග්‍රහණය කරන්න පුලුවන් කියලා කියනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු මහා කන්දරාවක් එක්ක හිටියේ.”

“ගෝඨාභය ජනාධිපතිතුමා තාමත් උත්සාහ කරනවා මේ රට හරි තැනට ගෙනියන්න. හැබැයි එතුමාට ඒ උත්සාහය තිබුණට අනික් අයට ඒ තැනට මේ රට ගෙනියන්න වුවමනාවක් තියෙනවාද? නැද්ද? කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා.”

“අපිට ආණ්ඩුවේ හිටියා කියලා, ඇමතිකම් කළා කියලා, ඇස්කන් පියාගෙන ඉන්න පුලුවන්කම තියෙනවාද? උදේට ගැසට් ගහනවා හවසට අයින් කරනවා. ප්‍රතිපත්ති උදේට ගේනවා හවසට වෙනස් කරනවා. මේ ටික වෙනස් වෙන්න ඕන.”