ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලියේ කොදෙව් සංචිතය නම් කරයි

0
Sri Lanka-West Indies Test series - ශ්‍රී ලංකා - කොදෙව් ටෙස්ට් තරගාවලියේ කොදෙව් සංචිතය නම් කරයි
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ලබන 14 වනදා අරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියට එක්වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය මේ වන විට නම්කර තිබෙනවා.

ක්‍රේග් බ්‍රාත්වේට්ගේ නායකත්වයෙන් සමන්විත මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ලබන 14 වනදා සිට දෙසැම්බර් 03 වනදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට ටෙස්ට් තරග 02ක් ඇතුළත් වනවා.

නොවැම්බර් 14 වනදා සිය 17 වනදා දක්වා සිව්දින පුහුණු තරගයක් පැවැත්වෙන අතර තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 21 සිට 25 දක්වාත් දෙවන තරගය නොවැම්බර් 29 සිට දෙසැම්බර් 03 දක්වාත් පැවැත්වෙනවා.

මෙම තරගවලියයේ තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ක්‍රේග් බ්‍රාත්වේට් (නායක), ජර්මේන් බ්ලැක්වුඩ් (උප නායක), න්කෘම බොනර්, රොස්ටන් චේස්, රකීම් රහීම් කෝන්වෝල්, ජෝෂුවා ද සිල්වා, ෂැනන් ගේබ්‍රියෙල්, ජේසන් හෝල්ඩර්, ෂායි හෝප්ස්, කයිල් මේයර්ස්, වීරසාමි පර්මෝල්, කෙමා රෝච්, ජේඩන් සීල්ස්, ජෙරමි සොලෝසානෝ, ජොමෙල් වොරිකන් යන ක්‍රීඩකයින් කොදෙව් සංචිතයට ඇතුළත්.