බලාපොරොත්තු රැසක් සමග පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹේ

0
T20 World Cup in Oman and Abu Dhabi - බලාපොරොත්තු රැසක් සමග පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹේ
පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය අද ආරම්භ වනවා. කණ්ඩායම් 16 කගේ සහභාගීත්වයෙන් ලබන නොවැම්බර් 14 වැනිදා දක්වා ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී තරග පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 08 ක් සුදුසුකම් ලබාගැනීමේ වටයේදි තරග වදිනු ඇති.

එම අනෙකුත් රටවල් වන්නේ බංග්ලාදේශය, අයර්ලන්තය, නැමීබියාව, නෙදර්ලන්තය, ඕමානය, පැපුවා නිව් ගිනියාව සහ ස්කොට්ලන්තයයි.

ඇෆ්ගනිස්තානය, ඔස්ටේ්‍රලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පකිස්තානය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් සුපිරි 12 වටය සඳහා දැනටමත් තේරී පත්වී අවසන්.

ශ්‍රී ලංකාවට මෙවර සුපිරි කණ්ඩායම් 12 අතරට පිවිසීමට නම් සුදුසුකම් ලබා ගැනීමේ වටයෙන් ඉහළ ප්‍රසාද ලකුණු ලබා ගත යුතුයි.

ඒ අනුව ඔවුන් අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාව යන කණ්ඩායම් සමග තරග කළ යුතුයි.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය නැමීබියාවට එරෙහිව හෙට අබුඩාබි හිදී පැවැත්වෙනවා.

අද දිනයේදී ඕමානය සහ පැපුවා නිව් ගිනියාවත්, බංග්ලාදේශය සහ ස්කොට්ලන්තයත් තරග වදිනු ඇති.

එම තරග 02 ම ඕමානයේදීයි පැවැත්වෙන්නේ.

2021 විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමි වන අතර අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 8 ක මුදලක් හිමි වනු ඇති.