බඳින තුවක්කු දෙකක් පත්තුවී දෙදෙනෙක් මරුට

0
Two People Dead by Binding Gun Fired - බඳින තුවක්කු දෙකක් පත්තුවී දෙදෙනෙක් මරුට

අනුරාධපුර තිරප්පනේ මුරියාකල්ල වැව් පිටියේදී සතුන් දඩයම් කිරීම සදහා ඇටවූ බදින ලද තුවක්කු දෙකක් පත්තුවීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනා තවත් පුද්ගලයෙකු සමග වැව් පිටිය⁣ට ගමන් කරන අවස්ථාවේදි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.

මියගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 60 හා 44 වන වියේ පසුවනවා.

ඔවුන් දෙදෙනා සමග ගමන්කළ පුද්ගලයාට මෙයින් අනතුරක් සිදුව නොමැති අතර ඔහු ගම්වාසින්ගේ සහය රැගෙන ඒම සදහා ගමට පැමිණ ඔවුන් සමග වෙනත් මාර්ගයකින් ගමන් කරන අවස්ථාවේදී එහි අටවා තිබූ බදින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලබා තිබෙනවා.

තුවාලකරු මේ වන විට රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් තිරප්පනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබි සැකකටයුතු උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.