සාරියක් ගැට ගසා ඔන්චිලි පදිමින් සිටි දරුවාට අත්වූ දුක්මුසු ඉරණම

0

බුලත්සිංහල ප්‍රදේශයේ නිවෙසක ඉදිරිපස තිබූ කොන්ක්‍රීට් කණුවක් ගැලවී වැටී එයට යට වූ දස හැවිරිදි පාසල් සිසුවකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

කොන්ක්‍රීට් කණු දෙකක තම මවගේ සාරියක් ගැට ගසා ඔන්චිලි පදිමින් සිටියදී හදිසියේම එක් කොන්ක්‍රීට් කණුවක් සිසුවා මතට පෙරළී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

බුලත්සිංහල ප්‍රාථමික විද්‍යාලයේ හතර වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙක් මෙසේ මරණයට පත්ව තිබෙනවා.