නගර 15ක කඩ සාප්පු සතියක් වසා දමයි

0
පවතින කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා නගර පහළොවක කඩ සාප්පු සතියක් වසා දැමීමට එම නගරවල වෙළෙඳ සංගම් තීරණය කර ඇත.

කෑගල්ල, කඹුරුපිටිය, කැකිරාව, බළන්ගොඩ, ඇඹිලිපිටිය, මරඳගහමුල, ගම්පහ, අම්බලන්ගොඩ, බණ්ඩාරවෙල, අම්බලන්තොට, බෙලිඅත්ත, වේයන්ගොඩ, දංකොටුව, සේරුනුවර, මාතලේ, පළාපත්වල යන නගරවල සියලුම කඩසාප්පු මෙසේ වසා තැබීමට පියවර ගෙන ඇත.

එම නගරවල ෆාමසි හැරෙන්නට අනෙකුත් වෙළෙඳසල් මෙසේ සතියක කාලයක් වසා තැබීමට තීරණය කළ බව සියලුම වෙළෙඳ සංගම් විසින් නිවේදනය කර ඇත.