සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 98ක් ඊයේ (05) දිනයේ තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4919ක් ලෙසටයි.
මෙම මරණ අතර පිරිමි පුද්ගලයන් 54ක් සහ කාන්තාවන් 44ක් වනවා.
අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ එක් පිරිමි පුද්ගලයෙක් මියගිය පිරිසට අයත්.
අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 27ක් මේ අතර වනවා.
ඒ කාන්තාවන් 11ක් සහ පිරිමි 16ක් වශයෙන්.
අවුරුද 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 70ක් තහවුරු කරනු ලැබූ මරණ 98ට අයත්.
ඒ පිරිමි 37ක් සහ කාන්තාවන් 33ක් වශයෙන්.
මෙය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් දෛනිකව තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාවයි.