අද කොවිඩ් ආසාදිතයින් ගණන 1,223ක්

0
Covid New Cases in Sri Lanka - අද කොවිඩ් ආසාදිතයින් ගණන 1,223ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 381ක් අද (08) දිනය තුළ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව අද දිනයේ මේ දක්වා හදුනාගත් දෛනික ආසාදිතයින් ගණන 1,223ක්.

අද හදුනාගත් ආසාදිතයින් ද ඇතුළුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 269,899ක්.

මේ අතර අද දිනයේ තවත් කොරෝනා මරණ 40ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

අද (08) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,491ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 239,622ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Today Recoveries

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්…