මෙරට ඩෙල්ටා වෛරසය ආසාදිතයින් දහස් ගණනක් සිටිය හැකි බවට අනතුරු ඇඟවීමක්

0

වේගයෙන් ව්‍යාප්තවන ඩෙල්ටා වෛරසය ආසාදිතයන් දහස් ගණනක් රටේ සිටිය හැකි යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා තිබෙනවා.

ඒ මහතා සඳහන් කළේ ,
“ඩෙල්ටා රෝගීන් තවත් නැහැ කියලා මම කොයිම අවස්ථාවකවත් කියන්නේ නෑ. එක් කෙනෙකු හමු වෙනවා කියලා කියන්නේ එවැනි රෝගීන් සමාජයේ දහස් ගණනක් ඉන්න පුළුවන්. ඒ අවදානම තියෙනවා”