චීන සමූහාණ්ඩුව දුන් තෑගි ගෙන චීනයේ ප්‍රධානතම සතුරාට ස්තූති කල අපේ අගමැතිනිය

0
චීන සමූහාණ්ඩුව

චීනය විසින් මෙරට සියලු පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාදීමේ උත්සවයේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් විශාල රාජතාන්ත‍්‍රික ගැටලුවක් ඇතිවී තිබෙන බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි

මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීමට මෙම උත්සවය පැවැත්විණි.

එහිදී අගමැතිනි හරිවි අමරසූරිය මහජන චීන සමූහාණ්ඩුවේ (People’s Republic of China (PRC) ඓතිහාසික සතුරෙකු ලෙස සැලකෙන ‘චීන ජනරජයට’ ( ‘Republic of China’ ROC – තායිවානය) ස්තුති කළේය.

අදාළ උත්සවය සඳහා අග්‍රාමාත්‍යවරිය පැයක පමණ කාලයක් ප්‍රමාද වී පැමිණි අතර චීන තානාපතිවරයාද ආපසු ගොස් නැවත ඇය පැමිණීමත් සමග උත්සවයට පැමිණියේය.

මේ අතර පසුගිය සඳුදා ඉරාක තානාපති කාර්යාලයේ පැවති උත්සවයක් සඳහා කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාට සහභාගී වීමට ආරාධනා කර තිබියදීත් ඔහු එහි පැමිණ සිටියේ නැති බවද එම වාර්තාව කියා සිටී.

අමාත්‍යවරයා නියෝජනය කරන්නෙකුද ඊට නොපැමිණි අතර නොපැමිණීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ද නොකළ බවද සඳහන්ය.

ශ‍්‍රී ලංකාවේ ජාතික ධජය හා ඉරාකයේ ජාතික ධජය වේදිකාවේ තිබුණද ශ්‍රී ලංකාවේ රජයේ කිසිදු නියෝජිතකු නොමැතිව එම උත්සවය පැවැත්වී ඇත.

කෙසේ වෙතත් කර තිබූ ආරාධනාට පිළිගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි පැමිණ තිබින.

මූලාශ‍්‍රය මෙතනින්..