ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු සුරා බද්ධ සහ අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල පැහැර හැරීම හේතුවෙන් මෙම පියවර ගත්බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව හෙට දිනයේ සිට එම සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවනු ඇත.
කෙසේවෙතත් මුදල් හා අධිභාරය ගෙවීම පැහැර හරින්නේ නම් අදාළ සමාගමේ මත්පැන් ප්‍රවාහන කටයුතු ද අත්හිටුවන බවද එම දෙපාර්තමේන්තුව පැවසීය.
එමෙන්ම මත්පැන් බලපත්‍රය දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වීමට නියමිත අතර එය තවදුරටත් දීර්ඝ නොකිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.