තැපැල් ඡන්ද ප‍්‍රතිඵල අන්තර්ජාලයේ

0
postal vote results - තැපැල් ඡන්ද ප‍්‍රතිඵල අන්තර්ජාලයේ

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඊයේ දිනයෙන් ආරම්භ වූ අතර එය අදත් හෙටත් පැවැත්වෙයි.

එසේ තැපෑලෙන් ඡන්ද ප්‍රකාශ කළ කිරීම ආරම්භ කළ දිනයේම ලැබුණු ප්‍රතිශත යයි සඳහන් කරමින් විවිධ පක්ෂවලට අපේක්ෂකයන්ට වාසි වන ආකාරයෙන් සකස් කරන ලද සටහන් සමාජ ජාල ඔස්සේ බෙදා හැර තිබේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හා මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථාන වලට පැමිණිලි ලැබී ඇත.

මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම මුලින් සිදුකළද ඒවා ගණනය කරන්නේ සැප්තැම්බර් 21 දින ඡන්ද විමසීම සිදු කර අවසන් වුනු පසු බවයි.

මැතිවරණ ප‍්‍රතිඵත සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු බෙදා හැරීම බරපතල වරදක් බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මැතිවරණ කොමිසම කියා සිටියි.