ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට රිෂාඩ් බදියුදින් මහතා ගෙන ගන්නා ලද තීන්දුව සම්බන්ධයෙන් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල්ලා මහරුප් මහතා විරෝධය පල කරයි.
තමන් එම තීරණයට එකඟ නැති බවද පවසන ඔහු ට තම ආධාරකරුවන් සියයට අනූපහක් පමණව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බව පවසන බවද කියා සිටී.
මේ බව පක්ෂ නායකත්වයට දැනුම් දුන්නද පක්ෂයේ උත්තරීතර මණ්ඩලය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇතැයිද ඔහු පැවසීය.
කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකර ඔහු බලයට පැමිණියහොත් නැවතත් රට ආර්ථික වශයෙන් අරාජික වීම ස්ථිර බවද හෙතෙම පැවසු ඔහු තමන් ජනාධිපතිවරණයේදී සජිත් සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය නොදෙන බවද සඳහන් කළේය.
මේ අතර රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනාගෙන් තුන්දෙනෙකුම මේ වන විටත් ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක්වී තිබේ.