රාජිත සේනාරත්නගේ සහයත් ජනපති රනිල්ට

0
රාජිත සේනාරත්න සහයත් ජනපති රනිල්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව පවසයි.

ඔහු සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

මන්ත්‍රීවරයා පවසා ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ අඛණ්ඩව ගෙන යා යුතු බව තමන් විශ්වාස කරන බවය.

ජගත් ප්‍රියංකරගේ සහයත් ජනපති රනිල්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර තිබේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයාට සහාය පළ කරන බව ඔහු පවසා ඇත.

විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායකයා ලෙස ප්‍රියංකර මහතා කටයුතු කරයි.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගේ මරණින් පසු හිස්වූ පාර්ලිමේන්තු  අසුන සඳහා ඔහු 2024 පෙබරවාරි 08 වනදා දිවුරුම් දුන්නේය.