ඡන්දෙට බයේ හැංගෙන්නේ රනිල් නොවේ සජිත්. චමින්ද්‍ර ලෙනවා කවරෙක්ද සාක්ෂි මෙන්න.

0
චමින්ද්‍ර ලෙනවා

චමින්ද්‍ර ලෙනවා නැමති ව්‍යවසායකයකු පසු ගිය දිනක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ව්‍යවස්ථාවේ සඳහන් ජනපති ධූර කාලය සඳහා ඇති කාලසීමාව ගැන පැහැදිලි කිරීමක් ඉල්ලා මෙන්ම එම පැහැදිලි කිරීම ලැබෙනා තුරු ජනපතිවරණය පැවැත්වීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා දෙන ලෙසද අදාල නඩුව ගොනුකරමින් පැමිණිල්ල ඉදිරිපත් කල පාර්ශවය ඉල්ලා සිටියි.

අධිකරණ කටයුත්ත ආරම්භවීමත් සමගම අදාල නඩු කටයුත්ත ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එම නඩු කටයුත්ත ක්‍රියාත්මක වන බවට විපක්ෂයෙන් දැඩි චෝදනා එල්ල කරනු දක්නට ලැබුණි. ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් අදාල පැමිණිලි කරු චමින්ද්‍ර ලෙනවා නැමති පුද්ගලයා එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තු අපේක්ෂකයෙක්ව සිටි බවටද මාධ්‍යවල ප්‍රචාරය වන ලෙස ජනහමු වලදී අදහස් දක්වන ලදී. නමුත් එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තු අපේක්ෂක ලයිස්තුවේ එම නම අපේක්ෂකයෙක් ලෙස දක්නට නොලැබුණි.

එක්සත් ජාතික පක්ෂ 2020 මැතිවරණයේ ජාතික ලයිස්තු අපේක්ෂක ලයිස්තුව

අදාල නඩු කටයුත්ත අධිකරණයට ඉදිරිපත්වීමත් සමගම ජනාධිපතිවරයා X ගිණුම හරහා ප්‍රතිචාර දක්වමින් එම නඩුවට ජනපතිවරයාගේ සබඳතාවයක් නොමැති බවත් නියත වශයෙන්ම මෙම වසර තුල මැතිවරණ කොමිසමෙන් ජනපතිවරණය පවත්වන බවත් ඒ සඳහා තමන් බාධා නොකරන බවත් නිවේදනය කෙරුණි.

කෙසේ නමුත් News Web අප කල සොයා බැලීමකදී අනාවරණය වූයේ අදාල චමින්ද්‍ර නම් ව්‍යවසායකයා ජාතික සංවර්ධන පෙරමුණ නැමති පක්ෂයක පොල් ගෙඩිය ලකුණින් පසුගිය මැතිවරණයේ ජාතික ලයිස්තු අපේක්ෂකයෙක් ලෙස නම් කර සිට ඇති බවයි.

ජාතික සංවර්ධන පෙරමුණේ 2020 මහමැතිවරණයේ ජාතික ලයිස්තුව

ජාතික සංවර්ධන පෙරමුණ යනු රොහාන් පල්ලෙවත්ත නැමති ව්‍යාපාරිකයා වත්මන් සමගි ජනබලවේගයේ වෘත්තියවේදීන්ගේ සංගමයේ ප්‍රධානියකු , සමගි ජනබලවේගයේ ප්‍රධාන උපදේශකවරයෙකු , සමගිඋඒ විදේශ ප්‍රථිපත්ති සැලසුම් කණ්ඩායමේ මුලසුන හොබවන එමෙන්ම සජබයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙක් ද වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙක් ලෙස කටයුතු කරන පුද්ගලයෙකුට හිමි දේශපාලන පක්ෂයකි. පසුගිය මැතිවරණ වලදී ශ්‍රී ලංකාවේ සමස්ථ ණය ප්‍රමාණය තම පුද්ගලික මුදලින් ගෙවා දමන බවට පොරොන්දු වෙමින් දේශපාලන ප්‍රචාරණ කටයුතු වල පුද්ගලයා වන්නේද එම රොහාන් පල්ලෙවත්ත නැමති ව්‍යාපාරිකයායි.

2020 දෙසැම්බර් මස 24 වැනිදා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුව සමගි ජනබලවේගයේ තනතුරු රාශියක් ලබාගනිමින් රොහාන් පල්ලෙවත්ත මහතා මේ වන තෙක් සමගි ජනබලවේගයේ ප්‍රමුඛ පෙලේ නායකයෙක් ලෙස කටයුතු කරමින් සිටී. රොහාන් පල්ලෙවත්ත මහතාගේ සමීපතමයෙක් විසින් ජනාධිපතිවරණය කල් දමා ගැනීම සඳහා ගන්නා උත්සාහය වෙත දැඩි ජනතා විරෝධයක් එල්ල වෙමින් පවතී.

මින් පෙර සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙක් වන නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් ව්‍යාජ සමීක්ෂණ වාර්ථාවක් එක්සත් ජාතීන්ගේ සරණාගතයින්ගේ සංවිධානයේ නම භාවිතා කරමින් සමාජ ගත කිරීම ගැනද දැඩි විවේඡන එල්ල විය.

අදාල පුවත මෙතනින්

UNHCR Sri Lanka සමීක්ෂණ වාර්ථාව නැමති බොරුව සමගියේ නලීන් බණ්ඩාරගේ වැඩක් සාක්ෂි මෙන්න

 

ජනපතිගේ ධුර කාලය –  පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම්කර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම එම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එළඹෙන සදුදා (08) සලකා බැලීමට නියමිතය.

අදාළ පෙත්සමේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මෙම විනිසුරු මඩුල්ල නම් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අදාළ විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයි රාජා යන මහත්ම මහත්මීන් නම් කර ඇත.