මීරිගම කල්එළිය ඩන්කන් මාවත ප්‍රදේශයේදී කම්මලක් පවත්වාගෙන යන මුවාවෙන් අවි ආයුධ නිෂ්පාදනය කරමින් විකිනීමේ හා කුලියට දීමේ යෙදුනු පිය පුතු දෙපලක් පල්ලෙවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ සැකකරුවන් ගිනි අවි, උණ්ඩ, පතුරොම්, ආදිය නිෂ්පාදනය කරමින් මෙම කටයුතු සිදුකරගෙන ගොස් ඇති බවයි.
සැකකරුවන් එසේ සැකසූ ගිනි අවි හා උණ්ඩ තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය ලද තොරතුරක් අනුව කළ වැටලීමකදී මෙම ගිනි අවි ඇතුළු කොටස් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.
ගල්කටස් අවි දෙකක්, තුවක්කු බදවල් දෙකක්, කොටස් ගලවා වෙන් කරන ලද වායු රයිපල් දෙකක්, විවිධ අන්දමේ ගිනි අවිවල කොටස් රැසක්, ඊයම් කුට්ටි, ඊයම් බෝල, ඊයම් බෝල සැකසීමට යොදා ගත් උපකරණයක්, එසේ සකසා ගත් ඊයම් බෝල පුරවා සැකසූ එස්. ජී. වර්ගයේ උණ්ඩ, පිරිවීම සදහා යොදා ගන්නා බව කියන හිස් පතරොම් කොපු හා පිහියා කිහිපයක්ද මෙසේ අත්අඩංගුවට ගත් දේපල අතර වේ.