ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථානයෙන් පතෝල කිලොවක් මිලදී ගැනීමට ඇඹුල් කෙසෙල් කිලෝ දාසයක් විකුණන්නට සිදුවු බව කෙසෙල් ගොවීහු පවසති.
පිට පළාත්වලින් කෙසෙල් මිලදි ගැනීමට තොග වෙළඳුන් නොපැමිණීම හේතුවෙන් ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථනයේ ඇඹුල් කෙසේල් කිලෝවක මිල රුපියල් දහයක් සහ සීනි කෙසෙල් කිලෝවක මිල රුපියල් තිහක් දක්වා අඩු මිලක් පැවති බව ස්ථානභාර නිලධාරී සම්පත් උදයංග මහතා පවසයි.
මේ හේතුව නිසා කෙසෙල් ගොවීන් දැඩි දුෂ්කරාතවට ලක්වු බව කී සම්පත් උදයංග මහතා මීට පෙර රුපියල් දෙසිය හතළික් වැනි ඉහළ මිලකට අලෙවි වූ කෝලිකුට්ටු කිලෝව රුපියල් හැටත් හැත්තෑවත් අතර පහළ මිලක් පැවති බව ද කියයි.
එහෙත් එළවලූ මිලදී ගැනීමට දුර පළාත්වලින් තොග වෙළෙඳුන් පැමිණි නිසා එළවලූ තොග ඉක්මනින් අවසන් වූ බව ද ඔහු කීවේය.
ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි රු:160/-, වම්බටු රු: 60/-, වට්ටක්කා රු: 50/-, කරවිල රු: 120/-, පිපිඤ්ඤා රු: 40/-, පතෝල රු: 160/- වැනි තොග මිලකකට කොලෝවක් අලෙවි වු බව ද ස්ථාන භාර නිලධාරීවරයා පැවසුවේය.
ගස්ලබු ද තොග ලැබී තිබුණත් කිලෝවක තොග මිල රුපියල් 40/-ක් වු අතර ගස්ලබු අලෙවි කිරිමට නොහැකි තත්ත්වයක් තිබූ බව ද පැවසුවේය.
කෙසෙල් සහ ගස්ලබු ගොවීන් ඒවායේ මිල අඩුවීම නිසා දැඩි අපහසුතාවන් වලට ලක්වූ බව ද ඔහු සඳහන් කළේය.




















































