අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 180 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ මුලු ආසාදිතයින් ගණන 762ක්.

මෙරටින් මේ දක්වා වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගලයින් ගණන 576,194 ක් දක්වා ඉහළ යනු ඇති.

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 335ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 545,768ක් දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඊයේ දිනයේ තහවුරු කළ තවත් කොවිඩ් මරණ 20ක් අද වාර්තා වී තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.