අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 236 දෙනෙකු අද (09) දිනයේදී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඒ සමග මෙතෙක් අද දිනට වාර්තා වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 744ක්.

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ද ඒ සමගම 570,672ක් දක්වා ඉහළ ඉහළ ගොස් ඇත.

කොරෝනා ආසාදිත වී සිටි පුද්ගලයන් 356 දෙනෙකු අද (09) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 543,823ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.