අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 195ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 722ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 563,989ක් දක්වා ඉහළගොස් ඇත.

අද දිනයේ කොරෝනා ආසාදිත වී සිටි තවත් පුද්ගලයන් 347ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 540,387ක් ලෙස ඉහළගොස් ඇත.

තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.