අදත් කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 219ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 737ක් දක්වා ඉහළගොස් තිබේ.

ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 554,459ක් දක්වා ඉහළ ගොස් ඇත.

තවත් කොරෝනා ආසාදිතයන් 372ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 525,560 ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.