අද කොවිඩ් ආසාදිතයින් 700 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 204 දෙනෙක් අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ වාර්තා වු සමස්ත දෛනික ආසාදිතයින් ගණන 716කි.

මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 549,500කි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 381 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 523,503ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.