තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (30) සිදුව ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිත මරණ ගණන 13,743කි.
එම මරණ අතරට කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු අයත්ය.