තවත් කොවිඩ් මරණ 10ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (28) සිදුව ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිත මරණ ගණන 13,706කි.
එම මරණ අතරට කාන්තාවන් 03 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 07 දෙනෙකු අයත්ය.