අද කොවිඩ් ආසාදිතයින් 500 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 134 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිත පුද්ගලයන් 559 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 538,320 ලෙසයි පවතින්නේ.

තවත් කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි, තවත් ආසාදිතයින් 373 දෙනෙකු අද (27) දිනයේදී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

Today Recoveries

ඒ සමග මෙරට වෛරසය ආසාදිතව සුවය ලද මුළු පුද්ගලයින් සංඛ්‍යාව 504,376ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කෙසේවෙතත්, මේ වනවිට කොරෝනා ආසාදිතයින් 19,731 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවන බව‍ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.