අද කොවිඩ් ආසාදිතයින් 500 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 101 දෙනෙකු අද (21) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, අද දින හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 554කි.

මේ වනවිට කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 533,860ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 9,000කට අධික සංඛ්‍යාවක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව කොවිඩ් ආසාදිතයින් 9,224ක් අද දිනයේ සුවය ලබා තිබේ.

Today Recoveries

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 502,464ක් දක්වා ඉහළ ගොස් ඇත.

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.