ඕමානයට එරෙහිව පැවති දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 05 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
අල් අමරත් හි පැවති තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට ඕමාන කණ්ඩායමට ආරාධනා කලා.
ඒ අනුව, ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 159 ක් ලබා ගත්තා.
අකිබ් ඉල්යාස් ලකුණු 59 ක් රැස්කළ අතර කාශ්‍යප් ප්‍රජාපති ලකුණු 22 ක් රැස් කිරීමට සමත්වුණා. පන්දු යැවීමේදී ළහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුලු 02 බැගින් දවාගත් අතර බිනුර ප්‍රනාන්දු, දසුන් ශානක සහ මහේෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් බිඳහෙලුවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 03 ක් තුළ කඩුලු 05 ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කලා.
භානුක රාජපක්ෂ සහ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 35 ක් බැගින් ලබාගත්තා.
ඒ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 2 ට 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.






















































