අද කොවිඩ් ආසාදිතයින් 800 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 256 දෙනෙකු අද (02) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 855කි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 519,630 ක්.

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 561 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 458,646ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (01) දිනයේ සිදුවු කොවිඩ් මරණ 55ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.